Sunday, July 24, 2011

සංචාරය දෙවන කොටස

මේ කතාවෙ මුල් ටික කලින් පෝස්ට් එකේ දැම්මනෙ. කියෙව්වෙ නැති කෙනෙක් ඉන්නවානම් ඔක්කොටම කලින් මෙතනින් ගිහින් ඒක බලලාම ආවනම්....


ඔන්න ඉතිං දැං කට්ටිය පහලට බහිමු කියලා ඒකමතික ( නොවන, එත් වැඩක් උනේ නෑ ) තීරනේකට ආවා. ඒ උනාට පහලට බහින්න තැනක් දන්නෙ නෑ නේ. කොහොමහරි ලඟ පාත තිබ්බ කඩේක හිටපු පොරකට කතා කරලා ඒක ඇහුවා.

"ආ මල්ලි ඔහොම තව පොඩ්ඩක් ඉස්සරහට යද්දි පාරක් තියනවා"

"ඒකෙන් දිය ඇල්ල මුලටම යතෑකිද අයියෙ?" අපේ ෆොටෝ බුවෙක් අහපි....


"ආපෝ මල්ලි එච්චර යන්න බෑ.... මැද හරියට වගේ යන්නයි පුලුවන්. එත් ඕනෙම නං පාරක් හදං පහලටම යන්න. කවුරුත් බනින එකක් නෑ...." (ඒක අහපු සන්තෝසෙට නම් මට අර කඩේ මැද්දෙම ඒ අයියව ගිහිං ඉඹින්න හිතුනා! දැන් ඉතිං කියපල්ලා මම "ගේ" කියල පුලුවන්නම් )


කොහොම හරි ඕං පොර කිව්ව පාරත් හොයාගෙන අපි පහලට බහින්න ගත්තයි කියමුකො..

පඩි කපලා පාර නියමෙට හදලා තිබ්බා. අපිත් ඉතිං හුරේ කියලා පහලට බහිනවා දැං. ( ආයේ මේකේ උඩට නගින්න ඕනෙ නේද කියන අති භයංකර සිතුවිල්ල හිතට ගන්නේ නැතිව )


මායි අපේ සංගීත බුවයි ඉදිරියෙන් යනවා.
අනිත් උන් දෙන්නට නම් කොහෙද යන්නෙ කියලවත් සිහියක් නෑ.උං දෙන්නා තමංගේම සිහින ලෝකයක තමංගේ ආදරවන්තිය ( මේ කිව්වෙ කැමරාව ගැනයි හොදේ.. ) එක්ක තුරුළුවෙලා මොනවදෝ කරනවා.....

ඔය අස්සෙ අපේ සංගීත බුවාටත් ෆොටෝ ගන්න ආසාවක් ඇතිවෙලා කැමරාව ඇදගෙන මිනිහත් වැඩ... අනේ ඉතිං ඒවටත් එක එක විදියට පෙනී හිටීමේ අතවරයට ලක් වෙන්න උනේ මේ අහිංසක මලක් වගේ ඉන්න මං තුමාටම තමයි....


අන්තිමේ ඔය විදියට ගිහිං අපේ ගමනාන්තෙට අපි ලගා උනා.. මං හිතන්නේ මේක හොයාගනිපු කෙනාගෙං පස්සෙ එතෙන්ට ගියේ අපිමද කොහෙද! ඒ තරං කැලේ වැවිලා..

එතෙන්ට ගියා විතරයි අපේ ෆොටෝ බුවාලා දෙන්නා ගෙනාපු ආම්පන්න එහෙම දිගෑරගෙන හුරේ කියලා ෆොටෝ ගන්න පටන් ගත්තා...

ඊට පස්සෙ ඉතිං අර දෙන්නගේ නා නාප්‍රකාර (සමහර ඒවා නම් ටිකක් ජුගුප්සාජනකයිද මංද ) ඉරියව් දිහා සෑහෙන වෙලාවක් බලන් ඉන්න සිද්ද වුනා..



වෙලාවට පොඩි වැස්සක් පටන් ගත්තු නිසා අර දෙන්න වැඩේ එතනින නවත්තලා ආපහු එන්න පටන් ගත්තා.
ඔන්න ඔය වෙලාවෙදි තමා අපේ සංගීත මිත්‍රයට එදා දවස පුරාවටම අපරාපරිවේදණීය ආකාරයෙන් (ඒ වචනෙ තේරුම දන්නෙ නැත්නම් 10 වසරෙ පරන බුද්ධාගම පොතක් අරන් බලන්න ) පලදෙන්න පටන්ගත්තා වූ කර්මය පටන්ගත්තෙ.. වෙන විදියකට කියනවා නම් පළමු වෙනි (අ)වාසනාවන්ත කූඩැල්ලා මිනිහගෙ කකුලෙ එල්ලුනේ...


හැබැයි වැඩේ කියන්නෙ එහෙම නැගපු එක කූඩැල්ලෙක් වත් පොරගේ ලේ බොන්න නම් උත්සහ කරලා තිබ්බෙ නෑ ( මොකද දන්නෙ නෑ ).


මුලු ගමන පුරාවටම මගේ ඇගේ එල්ලුනේ නම් කූඩැල්ලෝ දෙන්නයි. ඒත් අපේ සංගීත බුවාට නම් පුදුමාකාර විදියට කූඩැල්ලෝ ( ඒ සියලු දෙනා කූඩැල්ලන් නොව කූඩැල්ලියන් බව පසුව සොයා ගන්නා ලදී ) ආකර්ශනය වෙලා හිටියෙ.

එකෙක්! ආහ් වැරදුනා එකෙක් නෙවෙ එකියක්... ගලවද්දි තව දෙන්නෙක් එල්ලිලා.. උන් දෙන්නා ගලවද්දි අර කලින් ගලවපු එකී ආයෙ හොයන් ඇවිත් ( ආදරේ වැඩිකමට වෙන්නැති ) කකුල බදාගෙන..

මේ කූඩළු රසිකාවියන්ගෙන් ලැබුන හිතාගන්නවත් බැරි ප්‍රතිචාරය නිසාද කොහෙද අන්තිමේ බුවාට එහේ දාල එන්න බෑ කිව්ව නේ!! අපි එන්න කියලා බස් එකේ නැගලා ටිකක් එන්න ගත්තමයි දැක්කෙ බුවා කූඩලු රසිකාවියොත් එක්ක බස් හෝල්ට් එකේ නැවතිලා කියලා.. මොනවා කරන්නද ඉතිං යන්තම් බස් එක නවත්තගෙන බැහැලා ආපහු ආවා ( අපරාදෙ සීටුත් තිබ්බ ඉදං යන්න ).

අන්තිමේ යන්තං කියලා කියලා ආපහු යන්න බුවාව කැමති කරගෙන  එදා දවසට තිබ්බ අන්තිම බස් එකේ නැගලා ආපහු හිටපු තැනට ආවා.. රසිකාවියො ටිකා දාලා ආපු දුකටද කොහෙද ආපු ගමන් මිහිහ කලේ නාන කාමරේට රිංගලා අනේ තව එක රසිකාවියෙක් හරි තමං එක්ක ඉන්නවද කියලා හොයපු එකයි...

කොහොමහරි අරතරං තමංට ආදරේ කරපු කූඩැල්ලියෝ ටික දාල එන්න උන දුකටද කොහෙද බුවාට එදා රෑ නින්ද ගිහිනුත් නෑ. අනුමත වන්නන් සඳහා ගෙනාපු දියර වලිනුත් උදේ බලද්දි ටිකක් අඩු වෙලා තිබ්බ කියල කෙනෙක් කියනවා ඇහුනා.. (කමක් නෑ හිතට දුක ඇතිනේ ). එන ගමනුත් හරිම මලානික විදියට තමා ආවෙ....

ඉතිං ඔන්න ඔය විදියට අපි ඒ ගමන නිමා කලා. කොහොම උනත් ඒ ගමන හරි අපූරු මතකයක්.මොකද සාමාන්යෙන් කට්ටිය ගොඩ දෙනෙක් බලන දියඇලි දෙකක් ගොඩදෙනෙක් නොයන පාරක ගිහිං තමා අපි බැලුවෙ. ගමනපොඩ්ඩක් යන්න අමාරු උනත් ගියාම මරු!

ඉතිං ඔයගොල්ලොත් මේ දියඇලි බලන්න යන්න හිතං ඉන්නවානම් මේ විදියට පහලට බැහැලා ගිහිං බලන්න. ඒ හරියේ ඉන්න කෙනෙක්ගෙන් ඇහුවාම යන විදිය කියාවි... අනික අපේ ඡායාරූප කලාවෙ යෙදෙන කස්ටිය ඉන්නවානම් මේ විදියට පහලට බැස්සොත් ඒ දිය ඇලි වල පට්ට ෆොටෝ ටිකක් තමන්ගේ ඇල්බමයට එකතු කර ගන්න පුලුවන් වෙවි...
හැබැයි මතක ඇතුව කූඩැල්ලන්ගෙන් බේරෙන්න පුලුවන් විදියට ලෑස්ති වෙලා යන්න ( අපි එක්ක ගියා වගේ කූඩැල්ලෝ ආකර්ශනය කර ගන්න පුලුවන් කවුරු හරි එක්ක ගියත් වැඩේ ගොඩ ).

එහෙනං ඕං ඒ කතාවත් ඉවරයි. හිතෙන දෙයක් පහලින් කියලා යන්න අමතක කරන්න එපා... මේ බ්ලොග් එකට කැමතිනං ඒ ගමන්ම ෆලෝ පාරකුත් දාගෙන යන්න.....


9 comments:

  1. මේ කොල්ලෝ දිය ඇල්ලේ ලස්සන බලන්න පහලට ගියා වගේ නෙවෙයි..ආරක්ෂාව ගැනත් හිතන්න ඕන...හැබැයි ඉතින් නියම ඇන්ගල් ටිකක් හොයාගන්න පුළුවන් පින්තුර ගන්න නම්..
    හැමෝම කරන විදියට වඩා වෙනස් විදියට දෙයක් කරාම කොහොමත් ඒක මතකයේ හිටිනවා..සිරිපාදේ උනත් අවාරේ යන්නේ එකනේ..

    ReplyDelete
  2. මචො...කතාව හොදට ලියල තියනව.ඔන්න මාත් බලන්න එනව..ඒත් අකුරු ටිකක් පොඩි වැඩියි වගේ.අනේ මන්දා මට වයස හින්දද කියලත් හිතුනා.ටිකක් ලොකු අකුරු දැම්මොත්......??

    ReplyDelete
  3. සුන්දර චාරිකාවක නිමාවක්.. ඉක්මනට තව ලිපියක් දාන්න..

    ReplyDelete
  4. අම්මෝ මෙහෙත් තියෙන්නේ ඔය කරදරේමයි. කූඩැල්ලො !!!!
    එපා වෙනවා. කූඩැල්ලෙක් එල්ලුනාට පස්සේ මට නම් කලුපාට පැල්ලමක් වගේ වගේ එනවා.

    මොනා උනත් නියම චාරිකාව !!!!

    ReplyDelete
  5. නියමයි... ආපහු උඩට නැග්ග හැටිත් කිව්වවං තමා මරු... :D

    ReplyDelete
  6. @ ChammA අනිවාර්යෙන්ම ආරක්ෂාව ගැන නම් හිතන්නම ඕනෙ තමා.. අපේ එකෙක් බෙල්ල කඩා ගන්නැතුව එකපාරක් යන්තම් බේරුනේ... අමාරුවෙන් උනත් ගියාම නම් හොඳයි....

    @ Ruka බොහොම ස්තූතියි මචං මේ පැත්තෙ ආවට. අකුරු ලොකු උනොත් කතාව ගොඩක් දිගට වගේ පෙනෙයි කියලයි පොඩියට දැම්මෙ. එතකොට කියවන්නත් කම්මැලි වගේනේ..

    @අසනි ඇත්තෙන්ම සුන්දර චාරිකාවක්..!! ඉක්මනටම දාන්නම්කෝ....

    ReplyDelete
  7. @මධුරංග මගේ කොළමට ඔබතුමාවත් සාදරයෙන් පිළිගන්නවා සහෝ... සිතක සංකල්පනා නම් මම කලිං ඉදන් කියවපු බ්ලොග් එකක්. බ්ලොග්කරනයට පිවිසෙන්න කලිං ගොඩක් දේවල් ඉගෙන ගනිපු තැනක්. ඔබතුමා පේරදෙණිය විස්ස විද්දාලෙ වෙන්ටැ ?
    කිව්වත් වගේ ඔහේ කූඩැල්ලො නම් පුදුම වදයක් තමා.කූඩැල්ලෙක් කෑවම ඌව කඩන්න ගියොත් තමා ඔය කේස් එක. ලුණු හරි මොනවාහරි දාලා ගැලවෙන්න අරින්න එතකොට හරි....

    ReplyDelete
  8. @මකුළු පැංචි ආ සෑහෙන දවසකින් පස්සේ ආපහු මකුළු පැංචිත් දැලට ඇවිත් තියෙන්නෙ. නගින එක හිතපු තරම් අමාරු උනේ නෑ අරයගෙ කූඩලු සෙල්ලම් වලට හිනාවෙලාම මහන්සියත් ගියානෙ....

    ReplyDelete
  9. ඇත්තටම මමත් ගියා වගේ දැන්නම් ඔය ගමන.. කියවන්න කියවන්න ආස හිතෙනවා...

    ReplyDelete

මෙච්චර වෙලා අරං කියවපු එකේ තව විනාඩියක් අරන් අදහසක් දාලම යන්න...