Thursday, July 12, 2012

වසරකට පසු

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ පැත්තට ගොඩ වැදුනෙ..! අවුරුද්දකින් ආපු නැති එකා දැන් මේ ආවෙ අහවල් දේකටද කියල මගෙන් අහන්න එපා. ඒ ඇහුවත් මට දෙන්න හරිහමන් උත්තරේකුත් නෑ! 


අන්තිමට දාපු පෝස්ට් එකට පස්සෙ මගේ ලැප් මල්ලිගෙ මොකක්ද අවුලක් නිසා මට මේකට ලොග් වෙන්න බැරුවයි හිටියෙ..! අනේ ඉතිං දන්න කියන සේරම පිලියං කරල බැලුවත් වැඩේ හරිගියේ නෑ නොවැ. අන්තිමේ මගේම බ්ලොග් එකේ කට්ටිය දාන අදහසකටවත් උත්තරටක් දීගන්න විදියක් නැතිව ඇත්තටම ආගන්තුකයෙක් වෙලා හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ! කැම්පස් එකේ ඒ වෙද්දි විභාගයකුත් සෙට් වෙලා තිබ්බ නිසා මේක හදා ගන්න විද්වතෙක් ලඟ යන්න වෙලාවක් තිබ්බෙත් නෑ ;)


අද මේ අහම්බෙන් පොඩි ට්‍රයි එකක් දීල බලද්දි ආපහු ලොග් වෙන්න පුලුවන් උනා! ඉතින් අවුරුද්දක් තිස්සෙ වල් බිහිවෙලා තිබ්බ "මගේ කොලම" සුද්ද කරල ගන්නයි මේ ලෑස්තිය..! අවුරුද්දක් තිස්සෙ එකතු වෙච්චි දේවල් නම් සෑහෙන තියනවා ලියන්න! ඒ උනත් මේ දවස් වල මට තියන දැවෙන ප්‍රශ්නයක් නිසා හිත එකලාසයක් කරන් ලියන්න දෙයක් ගලපගන්න එක අමාරු වැඩක් වෙලා..! ඒ නිසා අදට මෙතනින් නවත්තලා ආයෙ දවසක එන්නයි කල්පනා කලේ.... කොහොම උනත් යන්න කලින් මට ඇතිවෙලා තියන ප්‍රශ්නෙ මම පහලින් දාල යන්නම්කො! මේකට ඔයගොල්ලන්ගෙ අදහස දාල යන්න අමතක කරන්න එපා! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක ලොකු උදව්වක් වේවි..!





තමන් අවංකව ආදරය කරන කෙනාට  දෙමව්පියො විරුද්ධයි නම් ඊලඟට මොකද කරන්නේ?



මේ ගැන අද්දැකීම් තියන අය ඉන්නවානම් මට මේක විසඳ ගන්න උදව් කරයි කියල හිතනවා


ආයෙ දවසක හම්බෙමු එහෙනම්..! 


4 comments:

  1. මේ අවුරුද්ද හොඳ එකක් වේවා!

    ReplyDelete
  2. ඒක තමා. සෑහෙන කාලෙකා පස්සේ
    දැන් එහෙනම් සිංඩි වලට එහෙම දාලා වැඩ පටන් ගමු !!!
    දිගටම ලියන්න ජය වේවා !!

    ReplyDelete
  3. අම්මලා තාත්තලා කියන්නෙ තමන්ගෙ ජිවිතේ වැදගත්ම,ඔයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කල අය බව ඇත්ත.එයාල ඔයා ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඇති...ඒත් තීරණයක් ගනිද්දි මේකත් මතක තියාගන්න...ඔයාට ආදරේ කරන ඒ ගෑණු ළමයත් ඔයා වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරල ඇති බව..ඔයා ගැන එයත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න වග.. මේ වගේම ප්‍රශ්නෙකට මැදි වෙලා පණ වගේ විස්වාස කරපු ආදරේ අහිමි වුණු අවාසනාවන්ත මකුළු පැංචියෙක් මම....දන්න නිසයි කියන්නෙ... :((

    ReplyDelete
  4. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

මෙච්චර වෙලා අරං කියවපු එකේ තව විනාඩියක් අරන් අදහසක් දාලම යන්න...