මදැයි මම බ්ලොග් එකක් පටන් ගත්තා! ආගන්තුකයා කියල!! දැන් බැලින්නම් මේ බ්ලොග් අවකාසෙ ආගන්තුකයො වැහි වැහැල නෙ..... මටම හම්බුනා තව තුන් දෙනෙක්. අනේ ඉතිං එහෙම හිටියයි කියල මගේ නං කිසි අමනාපයක් නෑ ඕං. සමහර ආගන්තුකයො නං මටත් කලින් ඉඳංම මේකෙ හිටපු අය නෙ.....
ඉතිං අන්තිමේ මං තීරනේ කලා මගේ නමේ පොඩිපහේ වෙනසක් කරන්නයි කියල. අපේ මකුළු පැංචි එහෙම නං කලින්ම මෙහෙම කරන්නයි කියලා යෝජනා කරල තිබ්බා. ඒත් ඉතිං බොහොම ආසාවෙන් හදා ගත්ත මේ නම් පොඩ්ඩ වෙනස් කරන්න හිත හදා ගන්නෙ කොහොමෙයි!! (කට්ටිය දැන් අඬන මූනක් මවා ගන්නෙ හොඳේ ? )
මෙහෙම කරන්නේ හේතු දෙකක් නිසා! එකක් බලන අයට මම වෙන කෙනෙක් එක්ක පටලැවෙන්නෙ නැතිවෙන්න! අනික අහක යන වැරදි මම පිටිං යන එක නවත්තන්න ( පහුගිය කාලෙ මේවයෙ වුන දේවල් වල හැටියට එහෙම දේවල් ගැනත් නොහිතා බෑනෙ ).
හරි ඔන්න එහෙනම් දැන් වෙලාව 7.08
වර්ෂ 2011 වූ ඇසළ මස 29 වැනි දින ඉහත සඳහන් වෙලාවේ සිට ක්රියාත්මක වන පරිදි මෙතෙක් පැවතියා වූ " ආගන්තුකයා " නම් වන මගේ නම " සොඳුරු ආගන්තුකයා " ලෙස වෙනස් කරන බව ශ්රී ලංකා ජනරජයට දැනුම් නොදී ( මාව හිරේ දායිද මන්ද ) බ්ලොග් අවකාශයේ සිටින සියලුදෙනාටම මෙයින් දැනුම් දෙමි....
ඔන්න එහෙනං දැන් ඒ වැඩෙත් හරි. හැබැයි ඕං දැන් තව කවුරුහරි මේ නමිනුත් ඉන්නවා කියනව එහෙම නෙවෙ! හිටියත් ආයෙ නං නම වෙනස් කරන්නෙ නෑ ඕං...
නම වෙනස් කලා කියලා මම නං ඇබිංදක් වත් වෙනස් වෙලා නං නෑ යාලුවනේ..! ඒ නිසා වෙනද වගේම ඇවිත් මේක කියවලා මාව දිරිමත් කරලා යන්න හොඳේ....!
සොඳුරු ආගන්තුකයා! unique identity! අන්න නියමයි!
ReplyDeleteඑලකිරි මචන් දිගටම ලියන්න.මගෙන් සුබ පැතුම්
ReplyDeleteසොඳුරු ආගන්තුකයා කියන නම හොදා :) එහෙම කෙනෙක් නම් මම දන්න තරමින් නම් නැහැ,ටිකක් පරණ කෙනෙක්ගෙන් තමයි අහලා බලන්න ඕන..
ReplyDeleteනම විතරනේ ඉතින් වෙනස් උනේ , හිතන පතන , ලියන දේවල් වෙනස් උනේ නැහැ නේ.. ඒක නිසා ඉස්සරහටත් දිගටම ලියන්න...
කොහොමහරි කමක් නෑ දිගටම ලියනවනම් අපට ඒ ඇති.
ReplyDeleteමටත් කලින් ආගන්තුකයෙක් හමබවෙලා තියෙනවා. ඒත් කවුද කියලා මතක නෑ.
ආ මටත් ආගන්තුකයො පැටලිලා හිටියෙ
ReplyDeleteඅපෙත් කොල්ලෙක් හිටිය සුරංජිත් කියල.
ReplyDeleteපස්සෙ වෙන එකෙකුත් සෙට් වුණා, ඌත් සුරංජිත්.
අපි මොකක්ද දන්නවද කලේ?
http://kathandara.blogspot.com/2010/03/blog-post_08.html
ඒක හොදා.....පටලව ගන්න වෙන්නේ නෑ
ReplyDeleteමේ තියෙන්නේ සොඳුරු නමක් :D...අපි ඉතින් කිව්වොත් වරදින්නෑනේ දරුවා...හිකිස්..
ReplyDeleteඕන් එහෙනන් අසනිත් සොදුරු වෙනස, සොදුරු දිගු ගමනක ආරම්භයම වෙන්න පතනවා..යාලු..
ReplyDeleteවෙන ඕනෙ දෙයක් වෙනස් කරගන් උඹ හිතින් වෙනස් නොවී අරී..
ReplyDeleteආගන්තුකයානනි සොදුරැ වෙන්න කියා පතමි නුඹේ මුලු බ්ලොග් දිවියම.
ReplyDelete