මේ සිද්දිය වෙනකොට අපි හිටියෙ ඉස්කෝලෙ 7 වසරේ.. ඒ වසරෙදි තමා මට ඉස්කෝලෙදි සෙට් උන සිරාම ගැන්සිය සෙට් වෙලා හිටියෙ. ඔක්කොම කොල්ලො 9 හිටියා. කරපු කුප්ප වැඩ වල නං කෙලවරක් නෑ. ( ඔය අසභ්‍ය වැඩ එහෙමනං නෙවෙ හොදෙයි.. ) දැන් අහන්න එපා මොනවද ඒ කියල. මතක් වෙන හැටියව ඒවා පස්සෙ එකින් එක දාන්නම්කො....
මේ සෙට් එකේ කොල්ලෙක් හිටියා. අපි ඌට දාල තිබ්බ නම තමා " කසලයා " කියන එක. ඒකටත් හේතුවක් තිබ්බා. ඌට පුදුම පිස්සුවක් තිබ්බෙ ඔය එක එක ගැජට් කෑලි එකතු කරන්න. ඒ කිව්වෙ ඔය පොඩි පොඩි සර්කිට් කෑලි .අත් ඔරලෝසු වල මැශින්. 9V බැටරි එහෙම..... පොර ගොඩක් වෙලාවට ඕව ඇහිදගන්නෙ එක්කො පාරෙන් නැත්නම් කුණු ගොඩකින්. දැන් තේරෙනව ඇතිනෙ නමේ නිධාන කතාව..
ඔන්න දවසක් අපි සෙට් එක හිස් පීරියඩ් එකක ( ඒ කාලෙ අපේ පන්තිය කණ්ඩායම් වලට බෙදලා ඒ විදියට ඩෙස් බංකු එහෙම හදලා තිබ්බෙ. ඉතිං අපි සෙට් එක හිටියෙ එක කණ්ඩායමක කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙව ) සුපුරුදු පරිදි විද්වත් සාකච්ඡාවක් දාගෙන හිටිය. මොනවද මාතෘකා කියල නං අහන්න ඔට්ටු නෑ ඕං.!!
ඉතින් ඔහොම යන අතරෙ අපේ සාකච්ඡාව එක මාතෘකාවකට ආව. (ආ ඒක නං මොකක්ද කියලා ඇහුවට කමක් නෑ! ). ඒ තමා ළමයි හම්බෙද්දි ගෑනු පිරිමි විදියට බෙදෙන්නෙ කොහොමද කියන එක ??
දැං කාලෙ හැදෙන උං වගේ නෙවෙයි අපි ඒ කාලෙ හොද සත් ගුණවත් මල් වගේ හැදිච්ච අහිංසක කොල්ලො ටිකක් නේ.. හිකිස්.... ඒ නිසා ඕක ගැන හරියට දන්න එකෙක් වත් හිටියෙ නෑ. එහෙමය කියලා ඉතිං මේ තරං වැදගත් දෙයක් නිකං අල්ලලා දාන්නත් බෑ නෙ. අනික අපේ සෙට් එකේ එකෙක් වත් දන්නෙ නෑ කියන්නෙ පන්තියෙ අනිත් උං කොහොමත් දන්නෙ නෑ කියන එකයි. ඒ නිසා ඒ පැත්තෙං අහන්න කෙනෙකුත් නෑ.
අන්තිමේ ඉතිං අපේ සෙට් එකේ එක එකා තමං දන්න විදියට ඕක වෙන හැටි පැහැදිලි කරන්න ගත්තා..
එකෙක් :- මචං ගෙදර ඉන්න වැඩිමල් එකා ඌට ඕනෙ නංගියෙක්ද මල්ලියෙක්ද කියලා කිව්වාම තමා ඕක තීරනේ වෙන්නෙ. ( ඇත්තනෙ පොඩිකාලෙ තාත්ත ඇවිත් අපෙං අහනවනෙ පුතේ ඔයාට ගේන්න ඕනෙ මල්ලියෙක්ද නංගියෙක්ද කියල...)
තව එකෙක් :- පිස්සුද ***** එහෙම වෙන්නෙ කොහොමද? එහෙනං පලවෙනි එකා ඉපදෙනකොට මොකෙක්ද ඕනෙ කියලා අහන්නෙ තොපෙ අල්ලපු ගෙදර පොඩි එකාගෙන්ද? ( ඌ කියන කතාවත් ඇත්ත තමා )
ඔන්න එතකොට මෙච්චර වෙලා නිහඬව හිටපු කසලයාත් කතාවට එන්ටෝර් වුනා....
"අනේ බං උඹලා මොනවද දන්නෙ කියපංකො? ඉන්නෙ නම් නොදන්න දෙයක් නෑ වගේ. ඒ උනාට දන්න මගුලක් නෑ බලන් ගියාම...."
"හරි උඹ දන්නවානං ඉතිං කියපංකො බලන්න" ?
"ඔව් ***** මම දන්නවා තමා! අහගනිල්ල එහෙනං. මේ වැඩේ අම්මට තීරනේ කොරන්න බෑ. ඒක කරන්නෙ තාත්ත. තාත්තට පුතෙක් ඕනෙ නං අහවල් වැඩේ ( ඌ එවෙලෙ එකට කිව්වෙ නං එහෙම නෙවෙ ) කරන්න කලිං අම්මගෙ අහවල් තැනට ( මෙයත් ඌ කිව් වචනය නොවේය ) කොල්ලෙක්! කොල්ලෙක්!! කොල්ලෙක්!!! කියල තුන් පාරක් කියලා පුහ්! කියලා පිඹලා කරාම තමා කොල්ලෙක් හම්බෙන්නෙ..."
අපි :- $@@$$15*&!8*@!$^!%
ඌට විතර ටිකිරි මොළයක් අනික් එවුන්ට තිබිලා නැහැනේ..
ReplyDeleteඔයිට වගේ තමයි X එකාක් X එකාක් කියලා කෑගැහුවනම්.
ReplyDeleteපට්ට කතාව.
ඉදල හිටලා හරි මේවගේ කතාවක් දැම්මට නම් කමක් නෑ. එල එල
ලොල්++
ReplyDeleteනෝ කමෙන්ට්ස් කිව්වා :D
ela ela... fatta sean ekakne!
ReplyDeleteඑතකොට මචං නිචුන් ළමයි ලැබෙන්නේ කොහොමෙයි ?
ReplyDelete@ චතුර....ඔව් බං!ලොවෙත් නෑ.. හැබැයි ඌ ලමයෙක් හදන්න ගියාම ඇත්තටම එහෙම කරයිද දන්නෙත් නෑ...
ReplyDelete@මධුරංග දාන්න නම් පුළුවන් හැබැයි එතකොට මේක වැල සීරීස් එකක්ම වෙයිද කියලයි බය...
@ ChammA අලේ එහෙම කරන්න එපා මොකක් හරි දාන්න! නැත්නම් මං තරහයි ඔන්න!!! :පී
@විසිතුරු ඔව් ඔව් පට්ටම සීන් උනේ හැබැයි ඕක කිව්වයින් පස්සේ....
@හිස් අහස බොටත් ඉතිං පුදුම ප්‍රශ්න තමා එන්නේ! හිටිං මං බුවාව කොන්ටැක් කොරලා දෙන්න. උගෙන්ම අහපන් ඔය ප්‍රශ්නෙ...!!
හිකිස්...
ReplyDeleteමටත් තියෙන්නේ සඳරූට තියන ප්‍රශ්නෙම තමා.
හැබෑටම ආයුබොවන්ඩ! කොහොමෙයි නිවුන්නු ලැබෙන්නෙ?
ReplyDelete1. කොල්ලො දෙන්නෙක්?
2. කෙල්ලො දෙන්නෙක්?
3. කොල්ලෙක් හා කෙල්ලෙක්?
4. අනිත් ...
මම නං දන්නෙ නැතෝ.....
ReplyDeleteමේ කතාව කිව්වෙ මම නෙවේ
හොඳ වැඩේ සොඳුරු ආගන්තුකයට...18+ එකක් දැම්මට...කතාව කියවලා හිනාගියාට වැඩියෙන් මංචිට හිනා..කොමෙන්ට් කරපු අයගෙ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න බැරුව කොල්ලා කන කට්ට දැකලා...හික් හික්..ලොල්... :D
ReplyDelete