බ්ලොග් එක පටන්ගත්තට මොකද දෙවනි පෝස්ට් එක ලියන්න ලැබුනෙ අදයි.. එක අතකින් එහෙම හරි ලියන එක මදැයි ඉස්සරහට කොහොම ලියන්න වෙයිද කවුද දන්නෙ..
හැබැයි මගේ පලවෙනි පෝස්ට් එකට හම්බුන ප්‍රතිචාර ගැන නම් මට ඇත්තටම සතුටුයි. 5 දෙනෙක් අදහස් දීලා තිබ්බා... මම හිතුවෙවත් නැති තරම් කට්ටිය ගානක් ඇවිත් මේක බලලා හරි ගිහිං තිබ්බා (අර ආපු ගාන කියන කියන කොටු කෑල්ල බොරු කියන්නෙ නැත්නම්).
දැන් කාට හරි හිතෙන්නත් පුලුවන් යකෝ...! කමෙන්ට් 5 අරන්නෙ මූ මේ හෙනම ටෝක් දෙන්නෙ, මේක නිකම් කැළනි ගඟ යටින් අර අහවල් එකක් ගියා වගේනෙ කියලා... ඒත් බ්ලොග් අවකාශයට අලුතින් එක්වුන මේ පුන්චි බ්ලොග් එකට ලැබුන මේ ප්‍රතිචාර ටික මටනම් වැඩිත් එක්ක ඇති..
හරි හරි දැන් ඒ කතා ඇති...... තව පොඩ්ඩෙන් ලියන්න ආපු එක පැත්තක තියලා ස්තූති කතාවක් ලියවෙන්නයි ගියේ.... :D
දාන්නෙ මොනවද කියලා කල්පනා කරද්දි නම් සෑහෙන ජාති ගොඩක් ඔලුවට ආව ඒත් ඉතින් ඉස්සෙල්ලාම මොකක් හරි පජාත පෝස්ට් එකකින් පටන් ගන්න එකත් හරි නෑනෙව... ඒ නිසා මට හිතුනා පහුගිය දවසක ගිය සංචාරෙක විස්තර ටිකකින්ම පටන් ගන්න..
පහුගිය දවසක අපි ගියා ( අපි කිව්වට 4 දෙනයි ගියේ ) ලංකාවේ අර රාවණා රජ්ජුරුවන්ගෙ කැපිටොල් සිටි එක... ඔව් ඔව්. නුවර එලිය තමා! තිබ්බාය කියන පැත්තට. හැබැයි රාවණා ගෙ එව්ව මෙව්ව හොයන්න නං නෙවේ ගියේ... හතරක් ගියාය කියලා මං කලින් කිව්ව නේ. ඒකෙන් දෙන්නෙක් ඡායාරූප කලාව කෙරෙහි මහත් වූ ආලයෙන් යුතුව ඒ කෙරෙහි ඇලී ගැලී වෙලී හිටපු ආහ්... වැරදුනා.. වෙලී නෑ හොඳේ!!! ඩයල් දෙකක්. අනිකා මේ සිරි ලංකාවේ අනාගතයේ දවසක සංගීත කෂේත්රයේ ඉහලම ස්ථානයක වැජබෙන්නා වූ (ඌ හිතන් ඉන්න විදියට ) පොරක්. අනිත් එකාට නම් ඉතිං දාන්න කියලා එහෙම විශේෂණ පදයක් නෑ,ඌට මේක බලන උන්දෑලා කැමති එකක් දා ගන්නේ නෑතෑ...
ගමනේ විස්තර ඔක්කොම මේකේ දාන්න ගියොත් ජුගුප්සාජනකයි නෙව.. ඒ නිසා ටිකක් දාන්නං! කොහොම හරි ඉතිං අපි ගියේ අර St clears සහ Devon කියන දියඇලි දෙක බලලා ඒවට අවසාන ගවුරවේ දක්වලා එන්න. ඇයි ඉතිං අර සිවුරු පොල්ටේ එල්ලී දියවන්නාව මොන්ටිසෝරියට ආවා වූ අපේ කරන්ට් ඇමතිතුමාගේ ඉහල කොත්මලේ නම් වූ බලාගාරය හේතුවෙන් ( ඇත්තනේ බොලව් දිය ඇලි බැලුවා වගේද කරන්ට් එක නැතිවුනොත්? ඒක නැතිව බොලා ලියයි බ්ලොග්! ) ලඟදීම දවසක මේ සුන්දර කොමලියන් දෙදෙනා හිඳී යනව නේ....
අපොයි මොනවද මං මේ ලියන්නෙ..?
හරි හරි මතක් උනා...
ඉතිං අපි ඇවිදිං ඔය දිය ඇලි දෙක පේන හරියටම ආවය කියමුකෝ. ඔය යන එන කස්ටිය නං ගොඩ දෙනෙක් කරන්නෙ ඔය හරියේ පාර අයිනට ගිහිං දිය ඇල්ල දිහා විනාඩි 2 විතර අනිමිස ලෝචන පූජාවේ යෙදිලා පොටෝ කෑලි දෙක තුනකුත් අරන් ආපහු යන එකනේ. ම්ං තුමා හිතං හිටියෙත් එහෙම කරන්න තමා. කොහෙද අර ෆොටෝ ගන්න ආපු ඩබල එකපාරටම කියාපි දිය ඇලි ලඟටම යන්න ඕනෙය කියල! ක්ලෝසප් ද මොකක්ද ජාතියක ඒවා වගයක් ගන්න ඕනෙලු!!
ඒක අහපුවම මගේ නිකං යටිපතුලේ ඉදං ඉස්මොලේ වෙනකල් වෝල්ට් 33000 කරන්ට් එකක් වැදුනා වගේ වුනා. ඇයි යකෝ එතන ඉදං පහල බැලුවම පේන්නෙ නිකං තට්ටු තිහක විතර බිල්ඩිමක මුදුනට නැගලා පහල තියන කාණුවක් දිහෑ බලනව වගේ. ඒ මදිවට යන්න තියෙන්නෙත් හරිහමං පාරක් නැතිව කැලෑ මැදිං! අබ ඇටේකිං තුන්කාලක තරම්වත් මොලයක් තියන එකෙක්ට තේරෙනව මේක කොහොමහරි බැස්සත් අයේ නගිනවා කියන්නෙ නං දනිස් දෙකේ ශොක් අලුතින්ම දාන්න සෙට් වෙන වැඩක් බව...
කොහොම හරි දැං ඡන්ද 2 තියනවා පහලට බහින්න. අනිත් ඡන්ද 2 විරුද්ද පක්ශය වෙනුවෙන් පාවිචිචි කිරීමේ අරමුණ් ඇතිව ඉතිරි එකාගේ චන්දය මගේ පැත්තට හරවා ගැනීමේ අන්ත දූශිත යටිකූට්ටු නූල් සූත්තර මෙහෙයුම ආරම්භ කල මම අසරණ ලීලාවෙන් උගේ මූන බලන ලදී. නමුත් පහලට බැස අනිත් උන්ට නොදෙවනි ලෙස ඡායාරූප කලාවේ යෙදීමට හදිසියේ ඌ තුල උපන් සිතුවිල්ල හේතුවෙන් අවසනයේ මට පරාජය බාර ගන්න විය.
දැන් ඉතිං මක්ක කරන්නෙයි බහිනව මිසක්! අම්මප අර නිශේධ බලේ කියන එක මට තිබ්බ නං දනී කරන දේ...
අප්පේ දැන් නං අත් දෙකත් රිදෙනවා. මගේ ජීවිතේටම මේ තරම් දිග සිංහල ලිපියක් ටයිප් කලාමයි.. මේ කතාවේ ඉතිරි ටික මං ඊලඟ ලිපියේ දාන්නම්.. අපෝයි ඒ අස්සෙ හොස්ටල් එකේ එකෙක් මගෙ දොරටත් ගහනව.. එහෙනම් අපේ සංගීත බුවා ගත් වැරදි තීරණය සහ අහිංසක මාගේ බලාපොරොත්තුව බිඳ දැමීමේ පාපකර්මය හේතුවෙන් කූඩැල්ලන්ගේ අතවරයට ලක්වූ අයුරු ඊලඟ පොස්ට් එකෙන් කියවමු ( මේ කතාවට කැමති නම් විතරක්!! මේ කියවපු ටිකේ හැටියට ඉතිරි ටික ඕනෙ නෑ වගේ නම් කියන්න.. )
ප.ලි මගේ බ්ලොග් එකේ වෙලාව ( පෝස්ට් සහ කමෙන්ට් පබ්ලිෂ් කල වෙලාව ) වැටෙන්නෙ වැරදි විදියටයි. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක වෙනස් කරන හැටි මට කියලා දෙනවද ?
ඉතින් ඉතින් ඊට පස්සෙ..,
ReplyDeleteතව කියවන්න නම් ආසයි ඔය කතාව.
@ amanda බොහොම ස්තූතියි අහන්න ආස නම් අනිවා ලියනවා මම..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඔයා කොච්චර ලකීද ආගන්තුකයෝ...මංචිගෙ (මකුළු පැංචිගෙ) වියමනේ මුල්ම පෝස්ට් එකට කොමෙන් කළේ අපේ මකර අධිරාජ්‍යයයි,මධුරංග අයියයි ව්තරයි අප්පා...ශා..ගමන නං මරු වගේ..10 වසරෙදි ඉස්කෝලෙන් ක්ලාස් ට්‍රිප් එක ගියාට පස්සෙ සෙන්ට් ක්ලෙයාස් බලන්න යන්න බැරි වුනා...මලා ඒකෙනුත් විදුලිය හදන්න යනවද... :(((
ReplyDeleteප.ලි.
තරහ නොවෙනවනම් පොඩි යෝජනාවක් කරන්නද යාළු.. ''ආගන්තුකයා'' කියන නම ටිකක් වෙනස් කරගමුද..මොකද බ්ලොග් අවකාශයේ ආගන්තුකයො පිරිලා..එහෙම සුලබ නමකින් ඔයාට වුනත් අනික් අයගෙ මතකයට ඇතුල් වෙන්න ටිකක් අමාරු වෙයිනෙ නේද..දාගත්තොත් නරකද නැගලා යන ඔයාටම ආවේනික නමක්..මකුළු පැංචි වගේ(හිකිස්..වෙන නැත්තං)... :D
ලියන්න ලියන්න...අපි එනවා බලලා යන්න..යාලුවේ..
ReplyDeleteඔන්න මගෙනුත් යෝජනාවක්.. ඔයා ලියන පෝස්ට් වල ෆොන්ට් සයිස් එක ලොකු කරන්න. පරිගණක තිරයෙන් බලනකොට අස් දෙකට අමාරු නෑ එතකොට...
ReplyDeleteකතාවෙ ඉතුරු ටිකත් ලඟදිම ලියන්න... මමත් ඔන්න 4 වැනි ෆලෝවර් විදියට එකතු වුණා.. ජය වේවා!
@මකුළු පැංචි ඔයාගෙ යෝජනාව ගැන නම් සළකා බලන්න වෙනවා. ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් දාන්න ආවම මමත් දැක්කා තවත් ආගන්තුකයෙක් ඉන්නවා..
ReplyDeleteසෙන්ට් කෙලෙයාස් බලන්න යනවා නම් දැන්මම යන්න. මොකද අර බලාගාරේ හැදුවම ඔය දියඇලි දෙකේම වතුර හොදටම අඩුවෙනවා කියලා තමයි කියන්නේ. ඊටපස්සේ ආයෙ කවදාවත් දැන් තියන සුන්දරත්වය බලා ගන්න වෙන්නේ නෑ ( ෆොටෝ වලින් හැර ).
@ අසනි ස්තූතියි යාලුවේ!! එන්න එන්න දිගටම ලියනවා..
ReplyDelete@ විසිතුරු මගේ කොළම බලන්න අලුතෙන් එක්වුන ඔයාව සාදරයෙන් පිලිගන්නවා.. ඒ අඩුපාඩුව පෙන්නලා දීපු එකට ගොඩක් ස්තූතියි. ඊලඟ එකේ ඉදන් ඒක හදලා දාන්නම්.....
ReplyDeleteමගේ මුල් පෝස්ට් එකට කවුරුවත් හිටියේ නෑ තුන් වන පෝස්ට් එකට නම් කමෙන්ට් හතක් තිබුනා ..
ReplyDeleteහිට් කවුන්ටරේ කැරෙකෙනවානම් ලියන එකයි තියෙන්නේ ..
ඔන්න මමත් අද සිට මේක කියවන්න සෙට් උනා.දැන් ඉතින් ඊලග කොටස ඉක්මනටම දාන්න වෙයි.කට්ටිය සෙට් වෙලා ඉන්නේ කියවන්න..
ReplyDeleteමංචි කිව්වා වගේ අර නමේ වැඩේ පොඩ්ඩක් බලන්න..ඔයාගේ 10 වෙනියට ෆලෝ කරන එක්කෙනා මම ඔන්න :)
හානේ ඔයා ලියන්නත් පටන් ගත්තනේ සුබ පැතුම්
ReplyDeleteනියම කට්ට..
ReplyDelete--- පොස්ට් එකේ වේලාව අප්සෙට් එකට ---
ReplyDeleteඉස්සෙල්ලම බලන්න ඔයා සිලෙක්ට් කරලා තියෙන ටයිම් එක හරිද කියලා.. Dashboard --> Settings --> Formatting --> Time Zone ( Colombo ) සිලෙක්ට් කරන්න..එතකොට ගොඩක් දුරට හරියයි..එත් අවුල් නම් කියන්නකෝ
@ හිස් අහස ඔව් ඔව් දිගටම ලියනවා...
ReplyDelete@ ChammA සාදරයෙන් පිලිගන්නවා මේ බ්ලොග් එකට. අද හෙටම ඊලඟ කොටසත් දාන්නම්. වෙලාවේ වැඩේ හරි ගියා. බොහොම ස්තූතියි ඒක කියලා දුන්නට..
ReplyDelete@ චතුර කියලා වැඩක් නෑ මචං
ReplyDelete@ඇනෝ බොහොම ස්තූතියි. ඔයා කවුද කියලත් කිව්වනම් තමා ගොඩක් හොඳ..
ReplyDeleteමේ මම වගේ නොවී දිගටම ලියන්න. සුභ පැතුම් !!!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමත් ආවා , ලස්සන , සුන්දර කතාවක් හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ , ඔබට හොඳ ඉදිරි මඟක් තිබෙනවා , comments නැතත් ලියන්න , මොකද කියවන හැමෝම කොමෙන්ට්ස් දාන එකක් නැහැ , අර -හිස් අහස- කිව්ව වගේ hit counter එක කැරකෙනවානේ , ලියන්න, තව ලියන්න ,
ReplyDeleteපොඩ්ඩක් හොයල බලන්න ඔය 99counter එක මේ දවස් ටිකේ හරියට වැඩ කරන්නේ නැහැ , ඕකේ 0 තිබුණට ඊට වැඩිය ආවා ගියා අපි , හරියන්නැත්නම් http://www.histats.com/ ගිහින් ලස්සන කවුන්ටර්ස් එකක් තෝරා ගන්න , its free ඒ වගේම ගොඩාක් විස්තර ගන්න පුළුවන්
ඒ වගේම මේ comments moderate කරන එකත් හොඳ වේවි , නැත්නම් නිකං අපේ ලේ නරක් කර ගන්න සිදුවීම් වෙන්න පුළුවන් , මගේ පුංචි එවුන්ගේ සටහනට අදත් ඒ වගේ මානසික රෝගියෙක් ජරාව දාන්න උත්සාහ කළා ..ඒ ගැටළුව ගැන දන්නැත්නම් http://ctkumara.blogspot.com/2011/07/lk-lk.html ගිහින් ඒව ගැනත් දැනගන්න
මාත් දෙපාරක් විතර නුවර එලි ගිහින් තියෙනවා. නමුත් ඔය කියන පොට් එකට නම් යන්න උනේ නෑ. තනිකරම ටවුන් එකේ කල් මරපු එකතමයි කමෙනි. වික්ටෝරියා පාර්ක් එකයි අඹේවෙලයි තමා ඉතින්.
ReplyDelete