Monday, July 18, 2011

වැඩ අල්ලන්නට අවසරයි...

මෙච්චර කාලයක් අනුන්ගේ බ්ලොග් කියවපු මම ඔන්න අද ඉදන් මගේම බ්ලොග් එකක (සාඩම්බර) හිමිකරුවෙක් උනා...
හැමෝටම ආයිබෝං කියලා ඔන්න එහෙනම් වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය (නැකතක් නම් හොයාගන්න බැරි උනා හැබැයි). හිතට මොකක්දෝ පොඩි අමුත්තක් නම් දැනෙනවා. කමක් නෑ පහුවෙද්දි හරියයි කියලා හිතමු නේද?

මම මුලින්ම බ්ලොග් එකක් කියවන්න ගත්තෙ මිට මාස 5 විතර වගේ කලින්. ඒ කාලෙදිම හිතුන මමත් එකක් පටන් ගන්න ඕනෙය කියල. හැබැයි ඉතිං හිතුන උනාට මම එ වෙද්දි මේව ගැන මෙලෝ දෙයක් දැනන් හිටියෙ නෑ. කොහෙද ඉතිං පොඩිකාලෙ ඉස්කෝලෙං ලියන්න කියපු ඩයරිය වත් ලිව්ව එකෙක්යැ මේ දැන් බ්ලොග් ලියන්න කතා කොරන්නෙ.. කොහොමින් කොහොම හරි අනිත් බ්ලොග් කියවලා ඒවට කොමෙන්ටු දාලා අන්තිමේ මේක පටන් ගත්තා.

අද ඉදලා ඉතිං මගේ හිතට එන ඕනෙ වැල් වටාරමක් මම මේකෙ ලියනව. ඇයි ඉතිං කාගෙන් තහනමක්ද? මගේ බ්ලොග් එක නේ.. හික් හික්
පොඩි හරි වෙලාවක් තියනවනම් ඇවිත් මේක බලලා හොඳ නරක වැරදි අඩුපාඩු කියලා යන්න.වැරදි හදාගන්න ඉතිං කවුරුහරි ඒව පෙන්නලා දෙන්න එපයි.. මෙලෝ රහක් නැත්නම් ඒකහරි කියලා යන්න. එහෙම කිව්වයි කියලා මං තරහ නෑ ඕං...

ආ! තව පොඩ්ඩෙං අමතක වෙනව!! මං ගැන කියන්න බැරිවුනානේ. මමත් ඉතිං තවත් අම්මෙක් සහ තාත්තෙක් පිහිටෙං මේ පොලවේ පය ගහලා ඉන්න කොල්ලෙක්. මේ දවස් වල නම් කොරන්නෙ සුද්දගෙ වෙදකං ගැන ඉගෙන ගන්න එකයි..

හ්ම්ම්... අදට ඔය මදෑ නේද? පස්සෙ දවසක අලුත් පෝස්ට් එකකින් ආයෙ හමුවෙමු

10 comments:

  1. එහෙනම් ආගන්තුකයෝ ඔබ තුමා තවත් මට ආගන්තුකයෙක් නෙවේ .

    දිගු ගමනක් යන්න කෙටි සුබ පැතුමක් දෙන්නම් ... දිගටම ලියන්න ..අපි ඉන්නවා කියවන්න ..

    මම මගේ බ්ලොග් එක පටන්ගනිද්දී ලියාපු පලවෙනි පෝස්ට් එකත් මේ වගේමයි ..හිත නිදහස් කරපන් ඔහේ ලියැවෙන්න ඇරපන් .

    උඹට ජය වේවි ..!!

    ReplyDelete
  2. නියමයි ආගන්තුකයෝ...මංචිගෙ බ්ලොගේට නිතර යන එන නිසා දන්නවනෙ ඉතින් මං ලියන පිස්සු කතා..ඉතින් මමත් ලියන්නෙ ඔය හිතට එන හිතේ තියෙන එව්ව තමයි...හිකිස්... ඔයත් ඉතින් එහෙම ලියන්න...අපි එන්නං කියවන්න... :D

    ඔන්න එහෙනං චිරං ජයතු....!!!

    ReplyDelete
  3. යන එන ගමන් ආගන්තුකයා වුනාට මොකද දැකලා පුරුදු බවක් දැනුනා. ඒකයි ගොඩ උනේ..ආරම්භයක් ගද්දිම,

    "ඕන් එහෙනම් ජයෙන් ජය පැතුවා..".

    මොකෝ ඉතින් මන් උපදෙස් දෙන්න දන්න එකක්යෑ..අසනිත් කෝඩු කාරී වෙච්චී..

    ReplyDelete
  4. ඊයේ රෑ පෝස්ට් එක දාලා අද උදේ එද්දි මම නම් හිතුවෙම නෑ කොමෙන්ට් 3 තියා එකක් වත් ලැබිලා තියේවි කියලා. ඒත් දැන් ඇවිත් බලද්දි මටම පුදුමයි.බ්ලොග් අවකාශයට ඇත්තටම ආගන්තුකයෙක් උන මට මේ ලැබිලා තියන ප්‍රතිචාර ගැන.කමෙන්ට් කරලා මට දිගටම ලියන්න දිරිය දුන්නාට හිස් අහස ලියන සඳරුටත්, මකුළු පැන්චිටත්, අසනිටත් ගොඩාක් ස්තූතියි. බ්ලොග් ලියන කෙනෙක්ට මේ කමෙන්ට් කොයිතරම් වටිනවද කියලා ගොඩ කාලෙක ඉදන් බ්ලොග් ලියන ඔයාලා මට වඩා දන්නවා ඇතිනේ...

    ReplyDelete
  5. Niaymai aaa... ආගන්තුකයාට ජය වේවි !!!!!

    ReplyDelete
  6. මම නම් ඔන්න ලියන්නියක් නෙවෙයි.. හැබැයි ඉඩක් ලැබුනොතින් කියවන්න නම් අමතක කරන්නෙ නෑ .ඒත් හිතට දැනෙන එකක් හැර හැම blog එකක්ම කියවන්නෙත් නෑ.

    මට දැනෙන හැටියට මේ blog එකෙන් නම් මොකක්දෝ දැනෙන දෙයක් කියාවි වගේ ..
    ඔබ තවදුරටත් ආගන්තුක නෑ කියලයි මට හිතෙන්නෙ.
    ඔන්න එහෙමනම් මමත් මෙහි දැන් ඉදන් යාවජීව පාඨකයෙක්..

    ReplyDelete
  7. ආගන්තුකයාණෙනි... ඔබව සාදරයෙන් හෙළ වියුණු සටහන් ලොවට පිළිගන්නෙමි.. ජය වේවා!

    ReplyDelete
  8. සුභපැතුම් සහෝ දිගටම ලියන්න..

    ReplyDelete
  9. සිංහල බ්ලොග්කරණයට සාදරයෙන් පිලිගන්නවා.
    ඔන්න එහෙනම් මමත් සුබ පැතුවා.
    දිගටම ලියන්න සහෝදරයා. කියවන්න අපි ඉන්නවා.

    ReplyDelete
  10. මම නම් ඕවා කියවලම නෑ. කෙහොම උනත් ඔයාට සුබ පතනවා!

    ReplyDelete

මෙච්චර වෙලා අරං කියවපු එකේ තව විනාඩියක් අරන් අදහසක් දාලම යන්න...