අන්තිමට දාපු පෝස්ට් එකට පස්සෙ මගේ ලැප් මල්ලිගෙ මොකක්ද අවුලක් නිසා මට මේකට ලොග් වෙන්න බැරුවයි හිටියෙ..! අනේ ඉතිං දන්න කියන සේරම පිලියං කරල බැලුවත් වැඩේ හරිගියේ නෑ නොවැ. අන්තිමේ මගේම බ්ලොග් එකේ කට්ටිය දාන අදහසකටවත් උත්තරටක් දීගන්න විදියක් නැතිව ඇත්තටම ආගන්තුකයෙක් වෙලා හූල්ලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බෙත් නෑ! කැම්පස් එකේ ඒ වෙද්දි විභාගයකුත් සෙට් වෙලා තිබ්බ නිසා මේක හදා ගන්න විද්වතෙක් ලඟට යන්න වෙලාවක් තිබ්බෙත් නෑ ;)
අද මේ අහම්බෙන් පොඩි ට්‍රයි එකක් දීල බලද්දි ආපහු ලොග් වෙන්න පුලුවන් උනා! ඉතින් අවුරුද්දක් තිස්සෙ වල් බිහිවෙලා තිබ්බ "මගේ කොලම" සුද්ද කරල ගන්නයි මේ ලෑස්තිය..! අවුරුද්දක් තිස්සෙ එකතු වෙච්චි දේවල් නම් සෑහෙන තියනවා ලියන්න! ඒ උනත් මේ දවස් වල මට තියන දැවෙන ප්‍රශ්නයක් නිසා හිත එකලාසයක් කරන් ලියන්න දෙයක් ගලපගන්න එක අමාරු වැඩක් වෙලා..! ඒ නිසා අදට මෙතනින් නවත්තලා ආයෙ දවසක එන්නයි කල්පනා කලේ.... කොහොම උනත් යන්න කලින් මට ඇතිවෙලා තියන ප්‍රශ්නෙ මම පහලින් දාල යන්නම්කො! මේකට ඔයගොල්ලන්ගෙ අදහස දාල යන්න අමතක කරන්න එපා! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න ඒක ලොකු උදව්වක් වේවි..!
තමන් අවංකව ආදරය කරන කෙනාට දෙමව්පියො විරුද්ධයි නම් ඊලඟට මොකද කරන්නේ?
මේ ගැන අද්දැකීම් තියන අය ඉන්නවානම් මට මේක විසඳ ගන්න උදව් කරයි කියල හිතනවා
ආයෙ දවසක හම්බෙමු එහෙනම්..!